“තාරණී” …

  1. පාසලේදී …

  2. පෞද්ගලික සහ වෙනත් රාජ්‍ය ආයතන වලදී …

1

පාසලේදී …

  • තොරතුරු ගහණ සමාජයක් හරහා දැනුම හා ප‍්‍රඥාව සොයා යාමට දරුවන් පෙළඹවිමත්,
  • දැනුම හා ප‍්‍රඥාව සොයා යන දරුවන් පිළිබඳ ව වගකිමෙන් යුතු ව කටයුතු කිරිමට දෙමාපියන් දැනුවත් කිරිමත්,
  • දැනුම හා ප‍්‍රඥාව සොයා යන දරුවා  සමඟ ගණුදෙණු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව ගුරුවරයා බල ගැන්විමත්,

වර්තමාන ලාංකිය අධ්‍යාපනය තුළ දක්නට ඇති ප‍්‍රබල ම ගැටලූව නම් පාසල් දරුවා තොරතුරු බහුල සමාජයක් තුළ අතරමං වි සිටිමයි. පාසල් අධ්‍යාපනයේදිත්, බාහිර සමාජයේදිත් කිසිදු හරයක් නොමැති, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයේ දිත් දරුවා තුළ තොරතුරු පමණක් වපුරා එම තොරතුරු දැනුමැති සමාජයක් සදහා කේන්ද්‍රගත කොට ප‍්‍රඥාව කරා රැගෙන යාමේ කිසිදු වැඩපිළිවෙළක් නොමැති විම අද අප මුහුණ දි සිටින බරපතල ම ගැටලූවයි. මේ සදහා ගුරුවරුන් වන අප වෙත පැවරි ඇත්තේ මහත් විශාල වු වගකීමකි. මෙහි දි ගුරුවරුන්  දරුවන් සහ දෙමාපියන්  යන ත‍්‍රිත්වය ම දැනුවත් වි සිටිය යුතු ය. මේ සදහා,
තොරතුරු ගහණ සමාජයක් හරහා දැනුම හා ප‍්‍රඥාව සොයා යාමට දරුවන් පෙළඹවිමත්,
දැනුම හා ප‍්‍රඥාව සොයා යන දරුවන් පිළිබඳ ව වගකිමෙන් යුතු ව කටයුතු කිරිමට දෙමාපියන් දැනුවත් කිරිමත්,
දැනුම හා ප‍්‍රඥාව සොයා යන දරුවා  සමඟ ගණුදෙණු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව ගුරුවරයා බල ගැන්විමත්,

අද දවසේ වැදගත් ම කාර්යභාරය වි ඇත.

පිටුවේ ආරම්භයට

—————————————————————-

2

පෞද්ගලික සහ වෙනත් රාජ්‍ය ආයතන වලදී …

ආකල්ප යනු, පුද්ගල සමාජය තුළ අතිශය වැදගත් වූ අංගයකි. ආකල්ප මිනිසා ජීවත් කරනවා යෑයි කීම වඩාත් නිවැරදි වේ. මෙම ආකල්ප මිනිස්‌ පෞරුෂත්වය කෙරෙහිද විවිධ අයුරින් බලපෑම් ඇති කරයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට මුහුණ දෙන අවස්‌ථාව හා එහි ස්‌වභාවය මත ආකල්ප වෙනස්‌ වන්නකි. එලෙසම මෙම ආකල්ප ඔබ අපගේ හැසිරීම් වලටද බලපාන බව ඔබ සිහි තබා ගත යුතුම කරුණක්‌ වශයෙන් දැක්‌විය හැකිය.

අද පවුලේ, සමාජයේ, රැකියා ස්‌ථානයේ මෙන්ම අප රටේ දියුණුව සඳහාද යහපත් ආකල්පමය වර්ධන අවශ්‍යතාව මතුවෙමින් පවතී. මෙම ආකල්ප විවිධාකාර වන අතර, එම ආකල්ප වර්ගයන් හඳුනාගෙන සිටීම පෞරුෂය සම්පන්න ඔබට අතිශය වැදගත් වේ.

එහෙයින් අද අප අපගේ ආකල්ප ස්‌වභාවය හඳුනා ගැනීම අද දවසේ වැදගත් ම කාර්යභාරය වි ඇත.

පිටුවේ ආරම්භයට