“තාරණී” …
1
පාසලේදී …
දැනුම හා ප්‍රඥාව සොයා යාමට දරුවන් පෙළඹවිය යුත්තේ ඇයි… ?
- විභාගය නැමති කඩඉම කරා යාමේ දි එකිනෙකා පරයා ඉදිරියට යාමට පුරුදු වි සිටිම.
- තමාගේ මතක ශක්තිය තමා විසින් ම අඩු තක්සේරුවකට ලක් කර ගෙන සිටිම.
- ගතානුගතික ක්‍රම මගින් පාඩම් කිරිමට පුරුදු වි සිටිම.
- අරමුණක් නොමැති විම සහ අරමුණක් කරා යාමට ඇති නොහැකියාව.
- පාසල් අධ්‍යාපනය පිළිබඳ ව ඇති අවිශ්වාසය
- විද්‍යුත් හා මුද්‍රිත මධ්‍යය මගින් දැනුම හා ප්‍රඥාව සොයා යැම වැළැක්විම.
- නිවස තුළ ඉගෙනුම් පරිසරයක් නොමැති විම.
දරුවන් පිළිබඳ ව වගකිමෙන් යුතු ව කටයුතු කිරිමට දෙමාපියන් දැනුවත් කළ යුත්තේ ඇයි …?
- පාසල හා දරුවා අතර ඇති සම්බන්ධය අවබෝධ කර නොගැනිම.
- පාසල යනු දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලෙස මිත්‍යා විශ්වාසයක් ගොඩ නගා ගැනිම.
- නිවසේ සිටින දරුවාගේ දැනුම හා ප්‍රඥාව පිළිබඳ ව නිසි අවබෝධයක් නොමැති විම.
- වර්තමාන තරගකාරි ආර්ථික ක්‍රමය සමඟ දැඩි ලෙස බද්ධ වි දරුවාගේ ඉදිරි අනාගතය පිළිබඳ ව නිසි දැක්මක් නොමැති විම.
- අධ්‍යාපන පරිසරයක් පිළිබඳ අවබෝධයක් නොමැතිවිම සහ නිවස තුළ අධ්‍යාපන පරිසරයක් නොමැති විම.
දරුවා සමඟ ගණුදෙණු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ගුරුවරයා බල ගැන්විම කළ යුත්තේ ඇයි….?
- තමා ඉදිරියේ සිටින දරුවා හොදින් වටහා ගැනිම සදහා.
- දරුවාගේ සැඟවුණු විභව්‍යතා හඳුනාගැනිම සදහා.
- දරුවාට හොඳම මඟ පෙන්වන්නෙක් වීම සදහා.
- බොහෝ අධ්‍යාපන බලධාරීන් පවා නිසි පරිදි හඳුනාගෙන නොමැති නූතන අධ්‍යාපන ක්‍රමවේද හඳුනාගෙන ප්‍රායෝගිකව භාවිතා කිරීම සදහා.
- මනා ගුරු පෞරුෂයකින් හෙබි නිර්මාණශීලී ගුරුවරයෙක් ලෙස තම භූමිකාවේ කටයුතු කිරීම සදහා.
2
පෞද්ගලික සහ වෙනත් රාජ්‍ය ආයතන වලදී …
පෞද්ගලික හා රාජ්‍ය ආයතන නිලධාරීන් ආකල්පමය වශයෙන් ප්රශස්තභාවය වෙත ළඟා කරවීම හා බල ගැන්වීම සිදුකළ යුත්තේ ඇයි?
- තම හැකියාවන් හා ශක්තීන් මනා ලෙස කළමණාකරනය කර ගැනීම හා තමාගේ හා ආයතනයේ අභිවෘද්ධිය පිණිස එය සක්‍රීයව භාවිත කිරීම සඳහා.
- තමා හා පවුල අතරත්, තමා හා සමාජය අතරත්, තමා හා ආයතනය අතරත් තිබෙන සම්බන්ධතාවය මනාව අවබෝධ කර ගැනීම සඳහා.
- වර්තමාන තරඟකාරී ආර්ථික රටාව තුළ මානසික ආතතියෙන් මිදී සතුටින් තම කාර්යයන් ඉටුකිරීමේ ක්‍රමවේදයන් හදුනා ගැනීම සඳහා.
- තම සේවා දායකයා, සේවා යෝජකයා, ආයතනය මනාව හදුනාගෙන ඔවුනොවුන් වෙත කාර්යක්ෂම හා ඵලදායී සේවයක් සැළසීම සදහා.
- මනා පෞරුෂයකින් හෙබි පුද්ගලයෙකු ලෙස ආයතනය හා සමාජය තුළ කටයුතු කිරීම සඳහා.
- කණ්ඩායමක් ලෙස සාමූහිකව කටයුතු කිරීමේ වැදගත්කම හා සාමූහිකත්ව ක්‍රමවේදයන් අවබෝධ කරගැනීම සදහා.
- ජීවිතය හා ආයතනය සමතුල්‍ය හා තිරසාර සංවර්ධනයක් කරා මෙහෙයවීමේ ක්රමෝපායන් හඳුනා ගනිමින් එහි ප්රශස්ත භාවය වෙත ළඟාවිම සඳහා,
Advertisements